පොලොන්නරුව පුරාවිද්‍යා රක්‍ෂිතයේ මර උගුල් 60ක්

පොලොන්නරුව පුරාවිද්‍යා රක්‍ෂිතය පිහිටි වනජීවී අභය භූමියේ වෙසෙන මුවන් ඇතුළු වන සතුන් මැරීමට අටවන ලද මදු සහ මර උගුල් ඉවත් කිරීමට පෙරේදා (31 දා) දිනයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එසේ අටවන ලද මර උගුල් 60ක් සහ මරා දමන ලද මුවන්ගේ හිස් කබල් ඇතුළු ශරීර කොටස් සොයා ගැනීමට හැකි වූ බව ශ‍්‍රී ලංකා යුද හමුදාව කියයි.
සංවිධානාත්මක පිරිස් විසින් වනජීවී අභය භූමියේ වෙසෙන වන සතුන් මේ අන්දමට මරා මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරන බවට පොලොන්නරුව ගල්විහාරය පොලිස් මුරපොළේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත මින්නේරිය 7 වැනි කාලතුවක්කු පුහුණු පාසලේ යුද හමුදා භට කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම කර ඇත. මෙම වනජීවී අභය භූමිය දැනට කාලයක පටන් මස් වැද්දන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇතැයි ඒ අවට වෙසෙන මහජනතාව කියති.
882 Views
Comments