13 හැවිරිදි දැරියව දූෂණය කල 12 හැවිරිදි සහෝදරයෙක් සම්බන්ධව පරීක්ෂණ

තම 13 හැවිරිදි සහෝදරියව අපයෝජනය කළ බව කියන 12 හැවිරිදි සහෝදරයෙකු පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ඕමන්ත පොලිසිය පවසයි.
ඕමන්ත ප්‍රදේශවාසීන් සඳහන් කලේ ඕමන්ත නව්ලි ප්‍රදේශයේදී 12 හැවිරිදි සහෝදරයා විසින් 13 හැවිරිදි තම සහෝදරිය අපයෝජනය කළ සිදුවීමක් සිදුවූ බවයි.
අදාළ දැරියව උදරාබාධ තත්ත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි ඇති බව වාර්තාවේ.
සිදුවීමට අදාළ වෛද්‍ය වාර්තා පරීක්ෂා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඕමන්ත පොලිසිය පැවසීය.
1002 Views
Comments