උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ කරගෙන ගිය ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ කරගෙන ගිය ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි

උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ කරගෙන ගිය ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි

මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය වාර්තා කළේය.

 

 

එම මධ්‍යස්ථාන සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ අතර රාත්‍රී කාලයේ දී විවෘත කර තිබෙන මෙම මධ්‍යස්ථාන පිළිබඳව දිගින් දිගටම ලද තොරතුරු හේතුවෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකයකඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

 

 

පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් එම ස්ථාන ගණිකා මධ්‍යස්ථානය ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කර ඇති අතර මෙම වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් සහභාගී වී ඇත.

 

 

අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් කොළඹ රැකියාවන්වලට පැමිණ අමතර ආදායමක් උපයාගැනීම සඳහා රාත්‍රී කාලයේදී මෙම මධ්‍යස්ථානය කරා සේවය ලබාදී මුදල් ඉපයීමට පුරුදු වී සිටි අය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

views

237 Views

Comments

arrow-up