මිත්තණියට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

ඉඩම් ආරවුලක් මත සිය 93 හැවිරිදි මිත්තණියට පහර දුන් වෛද්‍යවරයෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉඩමක් ලියා නොදුන්නාට උරණවී සිය 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ වරදට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙබරවැව මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ සේවය කරන තිස්සමහාරාම දියස්යායේ පදිංචි වෛද්‍යවරයෙකි.
සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුල මුල්කරගනිමින් පසුගිය 07 වනදා සිය මිත්තණියට පහරදී තුවාල සිදුකර ඇති අතර තුවාල ලැබූ මිත්තණිය තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ වෛද්‍යවරයා හමුවට ගිය අවස්ථාවේ දී ඔහු ඉතා පරුෂ වචනයෙන් පොලිස් නිලධාරීන්ට බැණ වැඳී ද තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
208 Views
Comments