සොයිසා රෝහලේ විස්මිත සැත්කමක් සාර්ථකව අවසන් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

සොයිසා රෝහලේ විස්මිත සැත්කමක් සාර්ථකව අවසන් වෙයි

සොයිසා රෝහලේ විස්මිත සැත්කමක් සාර්ථකව අවසන් වෙයි

කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ගැබිනි මව්වරුන් තිස් දහසකගෙන් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට සමත්වී තිබේ.

 

 

කින්නියා ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නේය.

 

 

ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ශල්‍යකර්මයකින් සාර්ථකව සිදුකිරීමට ඇය සහභාගී විය.

 

 

මීට සති කිහිපයකට පෙර ත්‍රිකුණාමලය රෝහලට කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් ඇතුළත් වන්නේ දුර්ලභ ගණයේ දරු උපතක් සඳහාය.

 

 

දරුවාගේ කලලය වර්ධනය වී තිබුණේ ගර්භාෂයෙන් පිට බඩවැල්වලට ඇලුණු වැදෑමහක වීමත් වෛද්‍ය විද්‍යාවට අනුව මෙවැනි කලල පිහිටීමක් සිදුවීමේ සම්භාවිතාව 30,000 එකක් පමණ වන බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

 

 

 

ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන විට මෙම මවගේ කලලයට සති 28 ක් පිරී තිබුණු අතර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ සැත්කම සාර්ථකව සිදුකිරීමට ඇය කොළඹ ද සොයිසා රෝහලට මාරු කළ යුතු බවය.

 

 

 

ඒ අනුව කොළඹ ද සොයිසා රෝහලේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ මවගේ සති 28 ක් වූ කලලය සති 34 ක් දක්වා වර්ධනය වනතුරු නේවාසිකව රඳවාගැනුණි.

 

 

ඉන් පසු අද (16) දින සාර්ථකව දරු උපත සඳහා වන සිසේරියන් සැත්කම සිදුකළේය.

 

 

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂනි ලියනගේ, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න සහ කොළඹ ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසින් මෙම සැත්කම සාර්ථකව සිදු කරන ලදී.

 

 

අලුත උපන් බිළිඳිය සහ මව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව  වෛද්‍යවරුන් පවසයි.

 

views

313 Views

Comments

arrow-up