දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න විශේෂඥ මණ්ඩලයක්

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අධිකරණ හා ව්‍යවහාරික වෛද්‍ය විශේෂඥයන් පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට නියෝග කළාය.
ඒ අනුව මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, මහාචාර්ය ඩී. එන්. පී. ප්‍රනාන්දු, වෛද්‍ය සිවසුබ්‍රමනියම් සහ වෛද්‍ය රුවන්පුර යන අය පරීක්ෂණ මණ්ඩලයට පත්කර ඇත. ෂාෆ්ටර් ගේ මරණයට හේතුව එම විශේෂඥ මණ්ඩලය විසින් නිගමනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව මාර්තු මස 14 වනදා එම මරණ පරීක්ෂණය කැඳවීමට නියම කර තිබේ.
මහෙස්ත්‍රාත්වරිය විසින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාලව ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතාවයන් දක්නට තිබු බැවින් ඒ පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කර මරණයට හේතුව නිගමනය කිරීම සඳහා එම පරීක්ෂණ කමිටුව පත්කර ඇත.
217 Views
Comments