මල් පෝච්චිය හිසට වැටී අවසන් ගමන් ගිය පෙරපාසල් වයසේ පුංචි සිඟිත්තිය

නිවස ඉදිරිපිට තිබූ අඩි තුනක් පමණ උස කොටස් 04කින් යුත් මල් පෝච්චියක් ඇඟට වැටීමෙන් වයස අවුරුදු හතර හමාරක දැරියක් මියයෑමේ අවාසනාවන්ත පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ වේයන්ගොඩ බලබෝව ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙයලි යෙහන්සා නම් වයස අවුරුදු හතර හමාරක පෙර පාසල් දැරියකි.
දරු දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය ජෙයලි යෙහන්සා දැරියයි. දැරියගේ පියා රැකියාවට ගොස් සිටි අතරතුර මව කුඩා දරුවා සමඟ නිවසේ සිටියදී ජෙයලි යෙහන්සා දැරිය නිවසෙන් පිටතට පැමිණ නිවස ඉදිරිපිට තනිවම සෙල්ලම් කරමින් සිටියදී පසුගිය 20 වැනිදා පස්වරු 04.30ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ කිසිවකුත් සිද්ධිය දැක නැති අතර මල් පෝච්චිය දැරියගේ ඇඟ මතට පෙරළී ඇත්තේ කෙසේද යන්න නිශ්චිතව වාර්තා වී නොමැති බව වේයන්ගොඩ පොලිසිය කියයි.
අනතුරින් පසු දැරිය වහාම වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විටත් දැරිය මෙලොවින් සමුගෙන තිබූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මියගිය ජෙයලි යෙහන්සා දැරියගේ අවසන් කටයුතු 22 වැනිදා පස්වරුවේ බටහිර බලබෝව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.
403 Views
Comments