සියලුම රාජ්‍ය සේවකයන් පාරට බහින්න සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

සියලුම රාජ්‍ය සේවකයන් පාරට බහින්න සූදානම්

සියලුම රාජ්‍ය සේවකයන් පාරට බහින්න සූදානම්

මෙවර අයවැයෙන් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය නිලධාරීන් නොසලකා හැර ඇති බවත්, ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 60ක් පමණ වන දරු පවුල් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවත් පෙන්වා දෙන රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 18,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා නොදෙන්නේනම් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවන බව එම සම්මේලනයේ ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක මහතා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක දැක්වේ.

 

 

වර්තමානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ශීඝ‍්‍රයෙන් ඉහළයෑම හමුවේ රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගෙන් යැපෙන පවුල් දැඩි අපහසුතාවට මුහුණපා සිටින බවත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ආණ්ඩුවේ අවධානය වහාම යොමුකළ යුතු බවත් එම සම්මේලනය අවධාරණය කරයි.

views

683 Views

Comments

arrow-up