අලි පේර වගා ව්‍යාපෘතියක් ආරම්භ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

අලි පේර වගා ව්‍යාපෘතියක් ආරම්භ කරයි

අලි පේර වගා ව්‍යාපෘතියක් ආරම්භ කරයි

බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින්  අලි පේර වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

 

 

මෙම අලි පේර වගා ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර තිබෙන්නේ විදෙස් වෙළපොල ඉලක්ක කර ගනිමිනි.

 

 

ඇල්ල කුඹල්වෙල පියරපන්දෝව ප්‍රදේශයේ දී නව ව්‍යාපෘතිය යටතේ පැල සිටුවීම සිදුකෙරුණි.

 

 

දිස්ත්‍රික්කය පුරා පැළ රෝපණය අගෝස්තු මාසය වනවිට අවසන් කිරීම සැළසුම වී ඇත.

 

 

මෙම ව්‍යාපෘතිය යටතේ හෑෂ් ඇවකාඩෝ නම් ප්‍රබේදයක් වගාකෙරෙන අතර එම ප්‍රබේදයේ සියයට 22ක පමණ මේදය ඉහළ ප්‍රතිශතයක පවතින බව සඳහන් වේ.

 

 

 

මෙම පැළ සකස් කර ගැනීම දේශීයව සාදා ගන්නා ග්‍රාහක වලට ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන හෑෂ් නමැති විශේෂයේ අංකුර බද්ද කර සිදුකෙරෙනවා.

 

 

මෙම ව්‍යාපෘතිය පූර්ණ ලෙස විදෙස් වෙළදපොල ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙයි.

 

 

 

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදුකෙරෙන අතර ලෝක බැංකු සහ යුරෝපා සංගමයේ ආධාර ද මේ සදහා ලැබී ඇත.

 

 

ගොවියෙකු සදහා අක්කර භාගයක වගා කිරීමට අවශ්‍ය බදුන්ගත පැළ 50ක්,  ආවරණ දැලක්,  පොහොර,  කෘමිනාශක මෙන්ම ජල සම්පාදනය සදහා අදාළ උපකරණ ලබාදෙන අතර රුපියල් ලක්ෂ පහමාරක මුදලක් ද ලබාදෙනු ලබයි.

 

 

views

329 Views

Comments

arrow-up