ඕස්ට්‍රේලියාවේ සිදු වූ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව එහි රියදුරු අධික වේගයෙන් බසය ධාවන කිරීම බව හෙළිව තිබේ.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මෙම බස් රථ අනතුර වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 20 දෙනෙකුට තුවාල සිදු විය.
මෙම අනතුරට මුහුණ දුන්නේ ග්‍රාමීය ප්‍රදේශයක ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ පිරිසකි.
එම බස් රථයේ රියදුරු මීදුම් තත්ත්වයක් පැවතිය ද අධික වේගයෙන් බස් රථය ධාවනය කර ඇති බව වාර්තා වේ.
වටරවුමක් අසළ දී රියදුරුගේ පාලනයෙන් මිදියාමෙන් බසය අනතුරට ලක්වූ බව සඳහන්ය.
58 හැවිරිදි රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
288 Views
Comments