ඩ්‍රෝන යැවු සරසවි සිසුවා අත්අඩංගුවට

ඊයේ (5) රාත්‍රියේ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කළ විශ්වවිද්‍යාල සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකි.
මෙම තරුණයා දුම්රිය ස්ථානය ආසන්නයේ ඩ්‍රෝන යානය පියාසර කරමින් සිටියදී බම්බලපිටිය සාගර කුළුණ ගොඩනැඟිල්ලේ ස්ථානගත කර තිබූ ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට වසරක් පිරීම සැමරීම සඳහා මෙම සිසුවා ඩ්‍රෝන යානය පියාසර කර ඇති බවයි. විශ්වවිද්‍යාල සිසුවා සහ ඔහු සන්තකයේ තිබූ ඩ්‍රෝන යානය යන දෙකම බම්බලපිටිය පොලිසියට භාරදී තිබෙනවා.
289 Views
Comments