කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණදිග අරාබි මුහුදේ පවතින අඩු පීඩන පද්ධතියක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම අද පස්වරු 2.30ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පද්ධතිය මේ වන විට වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර අද මධ්‍යම රාත්‍රිය පමණ වන විට එය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ අංශක 7-15 සහ නැගෙනහිර දේශාංශ අංශක 62-68 අතර පිහිටා ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 සිට 75-80 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය හැක.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන ධීවර සහ සමුද්‍ර ප්‍රජාවට කඩිනමින් ගොඩබිමට පැමිණීමට හෝ ආරක්ෂිත ස්ථානයකට ගොස් නවාතැන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
294 Views
Comments