ගබ්සාවක් සිදු කළ කාන්තාවකට අධිකරණය ලබා දුන් නියෝගය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

ගබ්සාවක් සිදු කළ කාන්තාවකට අධිකරණය ලබා දුන් නියෝගය

ගබ්සාවක් සිදු කළ කාන්තාවකට අධිකරණය ලබා දුන් නියෝගය

44 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවකට ගබ්සාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 28ක සිරදඬුවමක් නියම කර තිබේ.

 

 

අදාළ කාන්තාව 2019 වසරේ ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු අන්තර්ජාලය හරහා ගබ්සාවට අදාළ වෛද්‍ය උපකරණ සොයා ඇති අතර ගබ්සා කිරීමේ සත්කාර මධ්‍යස්ථානයකින් උපදෙස් ලබාගෙන ඇති බව වාර්තා වේ.

 

 

 

ඇයගේ ඉල්ලීම මත අදාළ ආයතනය ගබ්සාව පොළඹවන ඖෂධ තැපැල් මඟින් යොමුකර ඇති අතර ඇය සති 07ක පමණ ගැබිනියක් බවට හඳුනාගෙන ඇත.

 

 

එම ඖෂධය ලබාගැනීමෙන් පසු ඇති වූ ප්‍රසද වේදනාව මත එම කාන්තාව රෝහල් ගත කර තිබේ.

 

 

එහිදී කලලය ප්‍රසූත කර ඇති අතර එම කලලය සති 32ත් 34ත් අතර වයසක පසු වූ බිළිඳියක බවට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඇය ඒ වන විටත් තිදරු මවක් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

 

 

2019 වසරේ දී රට තුළ තිබූ සෞඛ්‍යම ගැටලුකාරි තත්ත්වයන් සමඟ රට වසාතැබීම හේතුවෙන් නිසි පරිදි ගබ්සාව කිරීම සඳහා ප්‍රතිකාර ගැනීමට නොහැකි වූ බව ඇය අධිකරණයේ දී පවසා ඇත.

 

 

සති 10කට අඩු ගැබ් ගැනීමක් සඳහා පමණක් බ්‍රිතාන්‍ය නීතිය යටතේ ගබ්සාවක් සිදුකිරීමට අවසර හිමි වේ.

 

 

එම කාලය ඉක්මවා යාම හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය එම කාන්තාවට දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

 

 

views

337 Views

Comments

arrow-up