JUN
06
ඊයේ රාත්‍රියේ ගම්පොළ සෙලවෙයි

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබේ. රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.
රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය. මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබේ.
මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පැවසීය.
242 Views
Comments