පැය 24ක් තුළ වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

පැය 24ක් තුළ වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට

පැය 24ක් තුළ වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට

ඉකුත් පැය 24 තුළ වන අලි පහරදීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. 

 

මැදවච්චිය කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ පැල් රකිමින් සිට අද අළුයම සිය නිවසට පැමිණෙමින් සිටියදී 73 හැවිරිදි තිදරු පියෙකු මියගොස් ඇත. 

 

මේ අතර ගෝමරන්කඩවල පොලිස් වසමේ කෝනබැඳෝවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි බක්මීගම අඩම්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

views

243 Views

Comments

arrow-up