ඩුබායි රටෙන් මිලියන 78 ක රත්තරන් හොරෙන් ගෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ උඩුගුවන් සෙල්ලම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ අංක FZ547 ගුවන් යානයෙන් මෙරටට පැමිණ විශේෂ පුද්ගලයින් සඳහා වෙන් කර ඇති දොරටුව හරහා ගුවන් තොටුපළෙන් පිටත් වීමට පැමිණි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. රහීම් අලි සබ්රි ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුගේ ගමන් මළු පරික්ෂා කිරීමේ දී එහි තිබී රත්තරන් බිස්කට් සහ ස්වර්‍ණාභරණ තොගයක් සහ ජංගම දුරකථන තොගයක් සොයා ගෙන ඇත.
මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 3 කුත් ග්‍රෑම් 397 ක් වූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 74 ක් වන බව ගණන් බලා තිබේ.
ජංගම දුරකථන තොගය තුල ස්මාර්ට් දුරකථන 91 ක් තිබුණ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 4.2 ක් වන බව ගණන් බලා තිබේ. ඒ අනුව මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 78.2 වේ. මේ වන විට ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති. විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණය පැවැත්වීමට නියමිතය
288 Views
Comments