නිරුවත් ඡායාරූප ලබා ගැනීමේ වරදට පාසල් සිසුවෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකු පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් පිරිසක් රවටා නිරුවත් ඡායාරූප ලබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මෙලෙස පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් 12 දෙනෙකු රවටමින් ඡායාරූප ලබා ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකාර සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කරගනිමින් ප්‍රසිද්ධ නිළියක් ලෙසද ඇයගේ නැගනිය හා ප්‍රසිද්ධ නිරූපිකාවක් ලෙසද පෙනි සිටිමින් මෙලෙස නිරුවත් ඡායාරූප ලබා ගත් බව හෙළිවී ඇත.
පාසල් සිසුවියන් බහුතරයක් ඔහුගේ මෙම ක්‍රියාවට හසු වී ඇති අතර ඉන් 05 දෙනෙකු ඔහු සමග උපකාරක පංතිවලට සහභාගි වූ යෙහෙළියන් වීමද විශේෂත්වයකි.
අදාළ උපකාරක පංතියේ කාර්යාල සහයිකාව ද ඒ අතරට අයත් බව මේ වනවිට හෙළිවී ඇත.
මෙම සිසුවා මෙවැනිම සිද්ධියක් හේතුවෙන් පාසලේ පන්ති තහනමකට ලක්ව සිටින අයෙක් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.
330 Views
Comments