ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි

ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි

හෙට (17) දිනයේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වන බව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ක්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට දිනය වලංගුවන පරිදි අද (16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කර ඇත.

 

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 

වැඩිවේලාවක් එළියේ නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.

 

විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.

views

223 Views

Comments

arrow-up