මොහමඩ් සාෆිගේ පෙත්සම නිෂ්ප්‍රභ වේ 
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

මොහමඩ් සාෆිගේ පෙත්සම නිෂ්ප්‍රභ වේ 

මොහමඩ් සාෆිගේ පෙත්සම නිෂ්ප්‍රභ වේ 

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

 

කුරුණෑගල පොලීසියේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය මොහමඩ් සාෆි විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

 

 

පෙත්සම්කාර වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

 

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පරික්ෂා කිරීමේදී විශාල මුදල් සංසරණය වීමක් සිදුවී තිබෙන බව පෙනී යන බව සඳහන් කළා.

 

 

මෙම මුදල් ලැබුණේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට සිදුවන බව විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කර සිටියේය.

 

 

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව නසාර් නැමැති පුද්ගලයෙකු ඒ.ටී.එම් කාඩ්පත් දහයක් සහ පිහියක් සමග අත්අඩංගුවට ගෙන තිබූ බවත් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ඒ.ටී.එම් කාඩ්පත් දහයෙන් 09ක්ම පෙත්සම්කාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම්වලට අයත්ව තිබූ ඒවා බව විමර්ශනවලින් හෙලිවී තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

 

 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව එහිදී නිවේදනය කළා. 

 

 

2019 වසරේ මැයි මස 24 වනදා වෛද්‍ය මොහමඩ් සාෆි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

views

294 Views

Comments

arrow-up