LYCA නිෂ්පාදන සමාගම් චෙන්නායි කාර්යාලය පරිශ්‍රයේ වැටලීමක්

ඉන්දියාවේ Enforcement Directorate (ED) ආයතනය විසින් පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ නිෂ්පාදකයින් වන LYCA නිෂ්පාදන සමාගම් චෙන්නායි කාර්යාලය පරිශ්‍රයේ වැටලීමක් සිදු කළ බවට වාර්තා වෙයි.
මෙම වැටලීම සිදු කර ඇත්තේ LYCA ජංගම දුරකථන ඇතුළු සන්නාම කිහිපයකට හිමිකම් කියන LYCA සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සහ බදු පැහැර හැරීමේ චෝදනාවක් සම්බන්ධව බව තොරතුරු අනාවරණය වේ.
ඉන්දීය රජය සතු Enforcement Directorate (ED) එනම් ආර්ථික නීති බලාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකියන ආයතනය විසින් මෙය ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවේ Lanka Hospitals සහ Sri Lanka Telecom මිලදී ගැනීමට සැලසුම් කර ඇති සමාගම වන Lyca Production ස්වර්ණවාහිනී හිමි EAP සමූහයේ වර්තමාන හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයකි.
260 Views
Comments