ජූලි 01 සිට නව විදුලි ගාස්තු බලාත්මක වෙන හැටි දැන ගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ජූලි 01 සිට නව විදුලි ගාස්තු බලාත්මක වෙන හැටි දැන ගන්න

ජූලි 01 සිට නව විදුලි ගාස්තු බලාත්මක වෙන හැටි දැන ගන්න

ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

 

 

ලංවිම ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම පිණිස ජුනි මස 1 වැනි දින ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම සදහන් කරයි.

 

 

මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේද සදහන් කළේය.

 

 

“ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා වලට ඇහුම්කන් දිය යුතුයි. ඒ අනුව දැනට ලංවිම ඉදිරිපත් කර ඇති සියයට 3ක ගාස්තු අඩුකිරීමේ යෝජනාව හා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන විකල්ප යෝජනාව පිළිබද මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැදවනවා. කොමිෂන් සභාවේ ගාස්තු යෝජනාව ජුනි 1 වැනිදින ප්‍රකාශයට පත් කරනවා. එතැන් සිට ජුනි 20 වැනි දින දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකියි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමටද අවස්ථාව හිමි වනවා. සියලු පාර්ශ්වයන්ට අපි ආරාධනා කරනවා මෙම ගාස්තු සැකසීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න කියලා. මන්ද බොහෝ දෙනා ඉදිරිපත් කරන සාධනීය යෝජනා අවසන් ගාස්තු ක්‍රමයට ඇතුළත් කළ හැකි නිසා”

 

 


මීට පෙර ආසන්නව සිදුවු ගාස්තු ඉහල දැමීම නිසා අඩු පරිභෝජන කාණ්ඩ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී සභාපතිවරයා කියාසිටියේය.

views

284 Views

Comments

arrow-up