නව විදුලි පනත ජුනි මාසේ කැබිනෙට්ටුවට

නව විදුලිබල පනත එලැඹෙන ජුනි මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප්‍රතිව්‍යුහගත කිරීම සදහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමඟ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඉදිරි සතියේදී නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් සිදු කරන ලද නිරීක්ෂණ මත මීට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවති.
මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව සදහා, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා මෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සමාජිකයන් ද, සංවර්ධන නියෝජිත ආයතනවල උපදේශන නියෝජිතයන් ද සහභාගි වූහ
248 Views
Comments