ආගමිකවාදය අවුලන අයට වෙන්න යන්න දේ මෙන්න

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත විවිධ කොටස් පිළිබඳව අවධානය යොමුකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්,මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය 291 (අ), (ආ) අනුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද බවද එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
විශේෂයෙන්ම පසුගිය කාලයේ උග්‍ර ලෙස අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේය.
261 Views
Comments