කඩ වූ වරප්‍රසාද ගැන කංචනගෙන් කථානායකට ලියුමක්

පාර්ලිමේන්තු විවාදයක් අතර සමගි ජන බලවේගයේ,බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළකිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවූ බව සදහන් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රධාන මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ආයතන කිහිපයක් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
මේ හරහා තමාගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වී ඇති හෙයින් තමාගේ ඉල්ලීම වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසත් මීට අදාළ සියලු පාර්ශව වරප්‍රසාද කමිටුව හමුවට කැදවන ලෙසද අමාත්‍යවරයා සිය ලිපිය ඔස්සේ ඉල්ලා සිට ඇත.
මෙම විවාදය ඉකුත් 24 වැනි දින පැවති බවද අමාත්‍යවරයා ලිපිය හරහා පෙන්වා දී තිබේ
228 Views
Comments