සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් අමාත්‍යවරුන් හය දෙනකුගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මෙය ක්‍රියාත්මක විය.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනා ගනිමින් එකී බාධා ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරිණි.
සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ 25ක් සහිත වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇත.
එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.
326 Views
Comments