කටාර් රට සිහින පෙන්වා ලක්ෂ හයක් ගැරූ කාන්තාවන් දෙදෙනෙක් දැලේ

මන්නාරම පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 6 ක මුදලක් වංචා කර ඇති සැකකාරියන් දෙදෙනෙකු ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකාරියන් කයිට්ස් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ත් 42 ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
ඔවුන් ඊයේ (03) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
299 Views
Comments