තරුණයෙක් පැහැරගෙන යමින් සිටි පිරිසක් මීගහතැන්නේදී දැලේ

මීගහතැන්න දියපත්තුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු පිරිසක් විසින් පැහැරගෙන යමින් සිටියදී බේරාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇති පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර, කාන්තාවක් සමග පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම තරුණයාගේ නිවස වෙත පැමිණ ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඔහුව පැහැරගෙන ගොස් තිබේ.
පැහැරගත් තරුණයා ත්‍රීරිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී අලුයම් කාලයේ මතුගම නගර මධ්‍යයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම රථය නවත්වා ඇති අතර, එහිදී තරුණයා විසින් තමන් පැහැරගෙන යන බවට පවසමින් කෑ ගැසීමත් සමග සිද්ධිය අනාවරණය වී තිබේ.
ඉන්පසු පොලිස් නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීගහතැන්න පොලිසිය වෙත භාරදී තිබෙන අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, සෙසු සැකකරුවන් පිරිස දෙහිවල, කිරුළපන සහ කොළඹ පදිංචිකරුවන් බවත් වාර්තා වේ.
මතුගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
270 Views
Comments