අනතුරට පත් ධීවරයින් පිරිසක් මුදා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

අනතුරට පත් ධීවරයින් පිරිසක් මුදා ගැනේ

අනතුරට පත් ධීවරයින් පිරිසක් මුදා ගැනේ

අනතුරට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් හයදෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ(19) සමත් වී තිබෙනවා.

දෙවුන්දර සිට නාවික සැතපුම් 18.5 පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී නෞකාවක ගැටීමෙන් අදාල යාත්‍රාව ගිලෙමින් තිබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කර සිටියේ.

නාවික හමුදාව විසින් ධීවරයන් සියලු දෙනා ගලවාගෙන තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

views

211 Views

Comments

arrow-up