පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනපති මැදුරේ අතුරුදන්වූ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි

ජනාධිපති මන්දිරයේ තිබී විනාශ වූ සහ සොරකම් කරන ලද භාණ්ඩවල ලයිස්තුවක් ලබා දෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එහි හානි වූ භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුතු මේ දිනවල බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ශ්‍යාමිලා රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මන්දිරයේ සෑම අංශයකටම ගොස් එම භාණ්ඩ ලේඛනගත කිරීම සිදුවන අතර මේ වන විට ඉන් 75%ක් පමණ අවසන් වී තිබෙනවා.
221 Views
Comments