බස්නාහිර පළාතේ වාහන වලට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

බස්නාහිර පළාතේ වාහන වලට සහනයක්

බස්නාහිර පළාතේ වාහන වලට සහනයක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදලක් අය නොකිරීමට තීරණය කළ බව පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

 

ඒ අනුව මෙම ලිහිල් කිරීම ජුලි මස 29 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

ඉන්ධන අර්බුදය හමුවේ රාජකාරි කටයුතුවලට නිලධාරීන්ට මෙන්ම අදාල සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන ජනතාවට ද පැමිණීමේ දී ඇති දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි එම මහත්මිය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

මේ අතර බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍රය ලබාගත හැකියි.

views

222 Views

Comments

arrow-up