දැව ජාවාරම වැටලීමට ගිය පොලිස් සැරයන්ව වළහෙක් සපා කාලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

දැව ජාවාරම වැටලීමට ගිය පොලිස් සැරයන්ව වළහෙක් සපා කාලා

දැව ජාවාරම වැටලීමට ගිය පොලිස් සැරයන්ව වළහෙක් සපා කාලා

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දැව ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි සැරයන්වරයෙකු වළසෙකු විසින් සපා කෑම හේතුවෙන් 21 වනදා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

 

කැලයේ සිටි වළසෙකු එක් වරම පොලිස් නිලධාරීන් දෙසට කඩා වැදුණු අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දුව ගොස් සැඟවෙන්නට උත්සාහ කර ඇතත් මෙම පොලිස් සැරයන්වරයා එසේ කිරීමට පෙර වළසා ඔහු සපා කා තිබේ.

 

වළස් ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පුලියන්කුලම පොලිසියේ සේවය කරන එස්. රණසිංහ නමැති පොලිස් සැරයන්වරයායි.

 

සෙසු පොලිස් නිලධාරීන් වළසා පලවා හැර තුවාල ලැබූ සැරයන්වරයාව රෝහලට ඇතුළත් කිරීමට කටයුතුකර තිබේ.

views

261 Views

Comments

arrow-up