රිලා බිස්නස් එක ගැන චීනයෙන් කළ ප්‍රකාශය නිසා ලංකාවේ රෙදි ගැලවෙයි

ශ්‍රී ලංකාවෙන් රිලවුන් 100,000 ක් ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් මේ දක්වා එරට බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
එලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ යුත්තේ චීනයේ Chinese National Forestry and Grassland Administration ආයතනය වෙතට බවත් මෙතෙක් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවත් එම කාර්යාලය සඳහන් කර තිබේ.
චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා ඇත්තේ චීනය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීය ලෙස දායක වන බවය.
කෙසේ නමුත් පසුගිය 11 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙසට චීන නියෝජිතයින් පිරිසක් ඉල්ලීමක් කර ඇති බවයි.
302 Views
Comments