අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන්ට සහනයක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2023.04.13, 14 සහ 15 යන තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා වූ විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට තිබේ.
එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ආහාර පාර්සලයක් ද රසකැවිලි ද රැගෙනවිත් භාරදීම සඳහා අවශ්‍ය පහසුකම් සෑම බන්ධනාගාර ආයතනයක් විසින්ම සපයා ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටී.
මීට අමතරව සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන බවත්, රැදවුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සඳහා බන්ධනාගාර පුනරුත්ථාපන අංශය විසින් ජන ක්‍රීඩා ඇතුළු අවුරුදු උත්සව, සංගීත වැඩසටහන්, සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදි දීමේ වැඩසටහන් සහ සියළුම රැදවියන් සදහා කිරිබත් ලබා දීමටද කටයුතු සූදානම් කර ඇති බවත් එසේම රැදවියන්ගේ හිසතෙල් ගෑමේ මංගල්‍යද චාරිත්‍රානුකූලව සිදු කරන බවත් ඔහු සඳහන් කර සිටියේය.
234 Views
Comments