පිළිතුරු පත්‍ර ඇගයීම ගැන සරසවි ඇඳුරන්ට තාම තීරණයක් නැහැ

තාවකාලිකව වර්ජනය අවසන් කළ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
එම සංගමය සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු නොකරන බවත්, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන බවත්ය.
250 Views
Comments