ඩොලර් බිලියන 200ක මුදල් සොරකමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ඩොලර් බිලියන 200ක මුදල් සොරකමක්

ඩොලර් බිලියන 200ක මුදල් සොරකමක්

අමෙරිකානු ඩොලර් බිලියන 200ක මුදලක් සොරාගෙන ඇතැයි අනාවරණ වී තිබේ.

 

 

එලෙස මුදල් සොරකම් කර ඇත්තේ අමෙරිකාව තුළ කොවිඩ් වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පැවති සමයේදී පිහිටුවාගත් සහනාධාර අරමුදලකින් බව හෙළි වෙයි.

 

 

රටේ කුඩා පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමේ අරමුණින් බෙදාදුන් මුදල් වංචාකරුවන් අතට පත්ව ඇති බව අමෙරිකාවේ රාජ්‍ය ආයතන, මුදල් පරිපාලනය අධීක්ෂණ කාර්යාලය අනාවරණ කරයි.

 

 

 

කුඩා ව්‍යාපාර පරිපාලනය නම් සංවිධානයක් මගින් එම අරමුදල පරිපාලනය කර ඇති අතර, එමගින් බෙදා දී තිබූ මුළු මුදල අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.2කි.

 

 

වාර්තාවට අනුව එම වංචාවලින් 86%ක් සිදුව ඇත්තේ 2020 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන සමය තුළදීය.

 

 

මේ අතර අතිශය රහසිගත ලේඛන සන්තකයේ තබාගත් බවට අපරාධ චෝදනාවට ලක්ව සිටින හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම ලේඛන අවභාවිතකළ බවට පැහැදිලි වන හඬපටයක් මාධ්‍යයට නිකුත් වී ඇත.

 

 

2021 ජුලි මාසයේදී ධුරයෙන් ඉවත්වීමෙන් පසු පටිගතකළ එම හඬපටය අතරතුර ඔහු රජයේ රහසිගත ලේඛනයක් පිරිසක් ඉදිරියේ අනාවරණය කරන ආකාරය පටිගතව තිබුණි.

 

 

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් එහිදී දැක්වූ අදහස් පහතින්, 

"මේකෙන් මගේ නඩුව දිනන්න පුළුවන්. ඒත් මේ තොරතුරු අතිශය රහසිගතයි. රහසක්. මේක රහසිගත තොරතුරක්. ජනාධිපතිවරයා විදිහට නම් මට ඒක හෙළිකරන්න තිබුණා. ඒත් දැන් බෑ."

 

 

views

272 Views

Comments

arrow-up