බෝට්ටුවෙන් පනින්න ගිය 55ක් කොටුවේ

බහුදින ධීවර යාත්‍රාවක් මගින් නීති විරෝධී ලෙස විදෙස් රටකට පලා යාමට තැත් කළ පුද්ගලයන් පනස් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊයේ(12) සමත් වී තිබෙනවා.
හම්බන්තොට මුහුදු සීමාවට නාවික සැතපුම් හාරසියයක් පමණ දුරින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්පසු මොවුන්ව හම්බන්තොට වරාය පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා
මෙම පිරිස නිලාවේලි, කිලිනොච්චිය, වව්නියාව, මුතූර් , මුලතිව්, ත්‍රිකුණාමලය, මන්නාරම, මාම්පුරිය සහ සාම්බල්තිව් යන ප්‍රදේශවල පදිංචි කරුවන්.
මෙම පිරිස අතර වයස අවුරුදු 3ත් 16ත් අතර ළමුන් 5 දෙනෙකු, අවුරුදු 22ත් 50ත් අතර වයසේ පසුවන කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු පනස් පස් දෙනෙකු සිට තිබෙනවා.
256 Views
Comments