44 හැවිරිදි සිව්දරු මවක් වූ අනියම් බිරිඳ සැමියා රැගෙන ගියැයි සොවින් 22කේ තරුණයා සියදිවි නසාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

44 හැවිරිදි සිව්දරු මවක් වූ අනියම් බිරිඳ සැමියා රැගෙන ගියැයි සොවින් 22කේ තරුණයා සියදිවි නසාගනී

44 හැවිරිදි සිව්දරු මවක් වූ අනියම් බිරිඳ සැමියා රැගෙන ගියැයි සොවින් 22කේ තරුණයා සියදිවි නසාගනී

වයස 44ක් වූ සිව්දරු මවක් සමඟ මාස 05ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු පසුගිය 24 වනදා ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම හේතුවෙන් සිත්තැවුලට පත්ව එදින රාත‍්‍රියේම ගෙල වැළලාගෙන මියයාමේ ශෝකජනක පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

මෙම තරුණයා මව, පියා නොමැතිව ආච්චි ලඟ වෙසෙන කුලී කරමින් ජීවත්වන්නෙකි. 

 

මීට කලකට පෙර ඔහු කුලී වැඩ සඳහා කුච්චවේලි ප‍්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම 44 හැවිරිදි කාන්තාව සමඟ අනියම් සම්බන්ධයක් ඇතිකරගෙන ඇත.

 

කෙසේ හෝ සම්බන්ධය දුර දිග ගොස් අවසානයේ සිව්දරු මව සිය වැඩිමහල් දරු තිදෙනා හැරදමා වයස අවුරුදු 1 1/2ක් පමණ වූ දරුවාද සමඟ තරුණයාගේ කන්තලේ නිවසට පැමිණ තිබේ.

 

ඉන්න හිටින්නට හරි හමන් ගෙයක් හෝ නොමැතිව අන්ත අසරණ අයුරින් ජීවත්වන තරුණයා සමඟ මෙම මව මාස 5ක් පමණ එකට ජීවත්ව ඇත.

 

නමුත් පසුගිය 24 වනදා ඇගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා පැමිණ සිව්දරු මව රැගෙන ගොස් ඇත.

 

 මිය ගිය තරුණයා සිත්තැවුලෙන් බොහෝ සේ කල්පනා කරමින් සිට රාත‍්‍රි 8ට පමණ සිය නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ රෙදි පටියකින් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

 

කන්තලේ පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

1288 Views

Comments

arrow-up