මවගේ අනියම් සැමියා පුත්‍රයාව මරා දමයි

මදුරන්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කර ඇත.
ඝාතනය සම්බන්ධව මුන්දලම පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මවගේ අනියම් සැමියා විසින් සිදුකළ පහරදීමකින් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ 28 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය කියයි.
ඊයේ(18) රාත්‍රීයේ එම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
1500 Views
Comments