හෙට සිට මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර බෙදීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

හෙට සිට මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර බෙදීම ඇරඹේ

හෙට සිට මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර බෙදීම ඇරඹේ

මෙවර මහ කන්නයේ වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීම හෙට(13) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සඳහන් කළේය.  

 

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. 

 

අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට සහ පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදා හැරීමේදී ප්‍රමුඛතාව ලබා දීමටද මෙහිදී එකඟතාවක් ඇති විය. 

views

674 Views

Comments

arrow-up