මහ රෑ සුපිරි රේස් කාර් පාරේ ඩෙගා නටා දෙල්කඳ ගිනි පිටියක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

මහ රෑ සුපිරි රේස් කාර් පාරේ ඩෙගා නටා දෙල්කඳ ගිනි පිටියක් කරයි

මහ රෑ සුපිරි රේස් කාර් පාරේ ඩෙගා නටා දෙල්කඳ ගිනි පිටියක් කරයි

තරඟයට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් එකක් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු වටිනා විද්්‍යුත් උපකරණ සහිත කන්ටේනර් රථයක ගැටීමෙන් එම රථ දෙකම ගිනිගෙන මුළුමනින්ම විනාශයට පත්වී තිබේ.

 

පසුගිය දා රාතී‍්‍ර 10.30ට පමණ සිදුවූ මෙම අනතුරින් බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයට සහ මාධ්‍ය උපකරණ සහිත කන්ටේනර් රථයට සිදු වූ හානිය රුපියල් කෝටි හයකට වැඩි බව පොලිසිය කියයි.

 

මෙම සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන ආ නුගේගොඩ රබර්වත්ත පාරේ පදිංචි තරුණයා පෞද්ගලික සමාගම් අධ්‍යක්‍ෂවරයෙකු වන අතර ඔහු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

 

එම සමාගම් අධ්‍යක්‍ෂවරයාගේ මිතුරෙකුද රථයේ ගමන් කර ඇති අතර ඔහුද තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබයි.

 

පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත ප්‍රසංගයකට අවශ්‍ය ශබ්ද විකාශන යන්ත‍්‍ර ඇතුලු මාධ්‍ය උපකරණ රැගත් අඩි 40ක පමණ කන්ටේනර් රථයක් රාති‍්‍රයේ නුගේගොඩ දෙල්කඳ අටේ කණුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල නතර කර තිබී ඇත.

 

මෙම රථයේ තිබූ උපකරණ රූපවාහිනි නාලිකාවේ මැදිරි සංකීර්ණයක් වෙත රැගෙන යමින් තිබියදී දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට අති සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් පැයට සැතපුම් 200 කට අධික වේගයෙන් තරඟයට පැමිණ තිබේ.

 

ඒ අවස්ථාවේ පැමිණි බේන්ස් වර්ගයේ රථය පාලනය කරගත නොහැකිව එය මාර්ගය අසල නතර කර තිබූ කන්ටේනර් රථයේ පිටුපස කොටසේ ගැටී අනතුරට ලක්ව තිබේ. මෝටර් රථයේ පැමිණි තරුණයින් දෙදෙනා ඉන් ඉවත් වනවාත් සමඟම එකවරම එහි ඉදිරිපස කොටසේ ගින්නක් හටගෙන තිබේ. 

 

ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න නිවා දැමීමට උත්සාහ කළත් එය වේගයෙන් පැතිර ගොස් කන්ටේනර් රථයටද ගිනි ඇවිලී තිබේ.

 

දැනුම්දීමෙන් අනතුරුව එහි පැමිණි ගිනි නිවීමේ රථ තුනක් කන්ටේනරයේ සහ මෝටර් රථයේ ඇතිවී තිබූ ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වූ අතර ඊයේ අලූයම 1.00 ට පමණ ගින්න නිවා දමා තිබේ.

views

951 Views

Comments

arrow-up