අකුණු සන්නායකයක් කෝටි 800කට විකුණන බව පවසා සුපිරි ගේමක් ගැසූ 9ක් මාට්ටු

අකුණු සන්නායකයක් රුපියල් කෝටි 800කට විකුණා එම මුදල් අයෝජනය කළ අයට පස් ගුණය බැගින් ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කර වංචාවක් සිදුකල බව කියන සැකකරුවන් 09 දෙනෙකු පසුගිය 09වන දා නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අකුණු සන්නායකයක ඡායාරූප පෙන්වා එම අකුණු සන්නායකය කෝටි 800කට අලෙවි කිරීමට හැකි බවත්, ඒ සඳහා මුලින් මුදල් ආයෝජනය කරන අයට ආයෝජනය කළ මුදල මෙන් පස් ගුණයකට වැඩියෙන් මුදල් ලබාදෙන බවටත් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති ඇතැයි පොලිසිය පැවසීය.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත දින දෙකක් තිස්සේ සැකකරුවන් ලූහුබැද නුවරඑළිය ටොපපැස් ප්‍රදේශයේදී සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
728 Views
Comments