වසන්ත උදානයෙන් පසු කසළ ගොඩක් වූ නුවර එළියේ සැණකෙලි බිම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

වසන්ත උදානයෙන් පසු කසළ ගොඩක් වූ නුවර එළියේ සැණකෙලි බිම

වසන්ත උදානයෙන් පසු කසළ ගොඩක් වූ නුවර එළියේ සැණකෙලි බිම

නුවරඑළිය නගරයේ පැවති වසන්න උදානය සැණකෙළියෙන් පසු එම ක්‍රීඩාංගනය මුළුමනින්ම කුණු කන්දක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.

 

සෑම වසරකම නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරනු ලබන මෙම සැණකෙළි මාලාව වෙනුවෙන් ඉදිකරනු ලබන සැණකෙළි භූමියේ ඉවතලන පොලිතින්, ප්ලාස්ටික්, බීර බෝතල් හා බීර ටින්, ඉඳුල් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ස්ථාන කිහිපයක විශාල ප්‍රමාණයෙන් ගොඩ ගසා ඇති බවත්, ඒ හේතුවෙන් ක්‍රීඩාංගනයට සහ අවට පරිසරයට දැඩි හානියක් සිදුව ඇති බවත් පරිසරවේදීන් පෙන්වා දෙයි.

 

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට අයත් භූමියක් වන මෙම ක්‍රීඩාංගනයේ කසළ කළමනාකරණය හා යටිතල පහසුකම් සැපයීම නුවරඑළිය මහ නගර සභාවට පැවරී ඇති වගකීමක් වන අතර එහි වගකිව යුතු බලධාරීන් හා සෞඛ්‍ය අංශය  සිය රාජකාරිය නිසි ලෙස ඉටු කොට නොමැති වීමෙන් මෙම තත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.

 

නුවරඑළිය මහ නගර සභාවේ සේවකයින් නිසි වේලාවට කසල රැගෙන යාමට නොපැමිණීම හේතුවෙන් සැණකෙළි භූමිය පුරා එකතු වූ කැළි කසළ තැන් තැන් වල ගොඩගසා තැබීමට සිදු වූ බව මේ පිළිබඳව අදහස් දක්වමින් සැණකෙළි සංවිධායකවරුන් කියා සිටින අතර, නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා කියා සිටින්නේ මුදල් ඉතිරි කිරීමේ අරමුණින් සැණකෙළි සංවිධායකවරුන් විසින් දෛනිකව එකතු වන කසල මහ නගර සභාවට භාරනොදී තැන තැන එකතු කර තැබීමෙන් මෙම අරසන්න තත්වය උදා වී ඇති බවයි.

 

views

294 Views

Comments

arrow-up