මාදූවේ පාලමේ වැඩ අතරමග - මහා ජාතික අපරාධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

මාදූවේ පාලමේ වැඩ අතරමග - මහා ජාතික අපරාධයක්

මාදූවේ පාලමේ වැඩ අතරමග - මහා ජාතික අපරාධයක්

බළපිටිය මාදු ගඟේ තිබෙන විශාලතම දූපත වන මාදූව ගම්මානයට පිවිසීමට රුපියල් මිලියන 975.09 ක පමණ වියදමින් ඉදිකිරීමට සැලසුම් කරනු ලැබූ පාලමේ වැඩකටයුතු මීට වසරකට ඉහතදී මුල්ගල් තබා ආරම්භ කළත්, එය අතරමග නතරවීම නිසා රුපියල් කෝටි ගණනක් වටිනා යකඩ හා උපකරණ දිරාපත් වෙමින් පවතින බව වාර්තා වේ.

 

මාදු ගඟේ දූපත් තිස් දෙකක් පමණ හඳුනාගෙන තිබෙන අතර එයින් විශාලතම දූපත වනුයේ මාදූව ගම්මානයයි.

 

පාසලක්, උප තැපැල් කාර්යාලයක්, සමූපකාරයක් ආදිය පිහිටා තිබෙන මෙම ප්‍රදේශය පවුල් දෙසිය පනහක් පමණ ජීවත් වන ග්‍රාම නිලධාරී වසමකි.

 

1994 දී එවකට ප්‍රවාහන හා මහා මාර්ග ඇමැතිව සිටි විජේපාල මැන්දිස් මහතා විසින් ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි ගම්මානයට පිවිසීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉවතලන රේල් පීලි උපයෝගී කරගෙන ත්‍රීරෝද රථයකට පමණක් ගමන් කළ හැකි පාලමක් තනා දුන්නද, එය නඩත්තු කිරීමේ වගකීම කිසිදු ආයතනයකට පවරා නොතිබීම නිසා නිසි නඩත්තුවක් නැති කමින් විනාශ වෙමින් පවතී.

 

දැනට එම පාලම අබලන් තත්ත්වයේ පසුවන අතර, බළපිටිය ප්‍රාදේශීය සභාව මගින් සුළු නඩත්තු කටයුතු කරගෙන යන බවත්, ඇතැම් රේල් පීලි දිරාපත්ව කැඩී ගොස් තිබෙන බවත් වාර්තා වේ.

 

මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි බළපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතාගේ මැදිහත්වීම මත, 2022 මාර්තු මාසයේදී එවකට මහාමාර්ග ඇමතිව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙම නව පාලම සඳහා මුල්ගල් තබා වැඩ ආරම්භ කළද දැන් එය අතර මග නතර වී තිබේ.

 

ඉන්පසු පාලම ඉදිකිරීමට ගෙනෙන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අයත් යකඩ, යකඩ තට්ටු සහ දොඹකර ආදිය මේ වන විට දිරාපත්වෙමින් පවතින අතර, පසුගිය කාලයේ රටේ ඇතිවූ අර්බුදයත් සමග මුදල් නොමැතිකම නිසා මෙහි ඉදිකිරීම් නතර වූ බව පැවසේ.

 

පාලමේ මූලික වැඩ කොටසක් වන ෆයිල් ගැසීම ආදියද නිමා කර තිබෙන බව වාර්තා වන අතර, දිනපතා සංචාරකයන් ද විශාල ප්‍රමාණයක් පැමිණෙන හෙයින් මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් කරදෙන ලෙස අවට ජනතාව ඉල්ලා සිටිති.
 

views

271 Views

Comments

arrow-up