කටාර් රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කයිට්ස් ප්‍රදේශයේ කතුන් දෙදෙනෙක් සොයා පොලිස් පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

කටාර් රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කයිට්ස් ප්‍රදේශයේ කතුන් දෙදෙනෙක් සොයා පොලිස් පරීක්ෂණ

කටාර් රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කයිට්ස් ප්‍රදේශයේ කතුන් දෙදෙනෙක් සොයා පොලිස් පරීක්ෂණ

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසමින් රුපියල් ලක්ෂ ක මුදලක් වංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටී.

 

මේ සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වෙත ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන අතර, සැකකාරියන් අවුරුදු 31 ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන් බව අනාවරණය වී තිබේ.

 

සිද්ධියේ පැමිණිලිකරු අවස්ථා කිහිපයකදී සැකකාරියන් ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති අතර, සිය විදෙස් ගමන් බලපත්‍රය ද ඔවුන්ට ලබාදී ඇති බව පොලිසිය කියයි.

 

මෙම සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වන අතර, මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 

views

327 Views

Comments

arrow-up