රාජ්‍ය සේවකයෙකුගෙන් රුපියල් විස්සක් ඉල්ලමින් එකසිය දහයක මුද්දර ගැසූ ලියුමක්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විධිවිධාන අනුව, තමන් හැටන් දික්ඔය නගර සභාවේ සේවය කල කාලය තුළ (2020 වසරේ) එම නගර සභාවේ සිදු වුයේ යැයි කියන රුපියල් ලක්ෂ 98 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පළාත් විගණන අධ්‍යක්ෂක විසින් සිදු කළ විගණන වාර්තාවේ පිටපතක්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් ලබාදීමට රුපියල් 20 ක මුදලක් ගෙවන ලෙසට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්දර ගාස්තු රු 110 ක් වැය කරමින් ලිපියක් එවා ඇති බව ගම්පොල දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා කියා සිටී.
රුපියල් 20 ක ආදායමක් ලබා ගැනීම සඳහා මහජන මුදලින් රුපියල් 110 ක් වැය කිරීම සැබැවින්ම විසුළු සහගත ක්‍රියාවක් බව පෙන්වා දෙන ඒ මහතා, මෙය රාජ්‍ය පරිපාලනයේ පවතින දුර්වලතා වලට හොඳම උදාහරණයක් බවද කියා සිටී.
325 Views
Comments