වවුනියාවේ මහා දැව ජාවාරමක් ගැන හෙළි කළ ගුරුවරයෙකුට මරණීය තර්ජන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

වවුනියාවේ මහා දැව ජාවාරමක් ගැන හෙළි කළ ගුරුවරයෙකුට මරණීය තර්ජන

වවුනියාවේ මහා දැව ජාවාරමක් ගැන හෙළි කළ ගුරුවරයෙකුට මරණීය තර්ජන

වවුනියාවේ ඊචචන්කුලම, කට්ටියාර්කුලම් වනයේ අක්කර 15 ක සියලු දැව කපා ඉවත් කරමින් සිටින පිරිසක් පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට පැමිණිලි කළ එම පළාතේ ගුරුවරයෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වේ.

 

ඔහු විසින් වවුනියාව පොලිසියට පෙරේදා (25) මේ පිළිබඳ පැමිණිල්ලක් සිදු කොට තිබේ.

 

මෙම දැව සංහාරය පිළිබඳව එම ගුරුවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව, රාත්‍රී කාලයේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන පිරිසක් ඔහුව මරා දමන බවට තර්ජනය කළේ යැයි ඔහු පොලිසියට පැමිණිලි කොට ඇත.

 

ඊච්චන්කුලම ප්‍රදේශයේ මෙම වන සංහාරය සිදුවන ප්‍රදේශය රජයේ රක්ෂිත කැලෑවක් වන අතර, එහි පිහිටි ගස් බලහත්කාරයෙන් කපා දැව කඳන් වාහනවල පටවා ගෙන යෑමට පිරිසක් ක්‍රියා කර තිබේ.

 

මේ පිළිබඳ සැලවූ ගුරුවරයා එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට තිබෙන බව වාර්තා වන අතර, වවුනියාව පොලිසියට ඔහු විසින් කළ පැමිණිල්ලට අනුව මෙම ගුරුවරයාට මරණීය තර්ජන එල්ල කළ පිරිස සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
 

views

242 Views

Comments

arrow-up