බියගම කුලී නිවසකින් කසිප්පු ස්කාගාරයක් අල්ලයි

බියගම කොට්ටුන්න ප්‍රදේශයේ කුලී නිවසක විදුලිය උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන ගිය හොර ස්කාගාරයක් වැටලීමට බියගම පොලිසිය සමත්ව තිබේ.
මෙහි තිබී ගෝඩා මිලිලීටර් එක් ලක්ෂ අසූ අට දහසක් අඩංගු ගෝඩා බැරල් තුනක්, කසිප්පු මිලිලීටර් තුන් දහසක්, වතුර මෝටරයක්, ගෑස් සිලින්ඩරයක්, වයර් හා පිලමන්ට් එකක් ඇතුළු පෙරීමේ උපකරණ රැසක් පොලිස් භාරයට ගන්නා ලද අතර, එම නිවස තුළ කසිප්පු පෙරීම සඳහා සූදානම් වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී.
බියගම පොලිසියේ විශේෂ කාර්ය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
292 Views
Comments