අරගලයට එරෙහිව වීරවංශගෙන් වීරක්‍රියාවක්

ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිතය.
එම එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් සමන්විත වන අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන වල නායකයින්, තානාපතිවරන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා විද්වත් වෘත්තිකයන් ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලබා සිටී.
264 Views
Comments