නීති විරෝධී බීඩී කොළ තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් රැගෙන ආ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය සහකාර පොලිස් අධිකාරි සුජීව ද සොයිසා ගේ මෙහෙයවීමෙන් තලවිල පොලිස් මුරපොළ නිළධාරීන් මෙම වැටලීම සිදු කර තිබේ.
අද (27) දින අලුයම මෙම බීඩිකොළ තොගය කල්පිටියේ සිට පුත්තලම දෙසට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබීයදී තලවිල පොලිස් මුර පොළේ නිළධාරීන් එය හඹා ගොස් තිබේ, එහිදී සැකකරු අක්කර අනූව ප්‍රදේශයේදී වෑන් රථය දමා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථය තුල තිබූ බීඩි කොළ කිලෝ ග්‍රැම් 630ක් සහ එම වෑන් රථය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
262 Views
Comments