රාජ්‍ය ආයතන 6 ක සභාපතිවරුන් සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

රාජ්‍ය ආයතන 6 ක සභාපතිවරුන් සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය

රාජ්‍ය ආයතන 6 ක සභාපතිවරුන් සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය ආයතන 6 ක සභාපතිවරුන් සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවුණි.

 

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා ප්‍රකාශ කළේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා මහත්මියද ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර් එම් ඩබ්ලිව් එස් සමරදිවාකර මහතාගේ පත්වීමට ද මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

 

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීම, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එස් ආර් ඩී රෝසා මහතාගේ පත්වීමට සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කළුපහන මහතාගේ පත්වීමට අනුමැතිය ලැබී තිබෙන බව්ද සඳහන් වේ.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යයම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ ගල්කැටිය මහතාගේ පත්වීම ද ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියගේ පත්වීම හා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතාගේ පත්වීමට  ද උසස් නිල තල පිළිබද කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

 

views

239 Views

Comments

arrow-up